නුවරඑළිය දිස්ත්‍රික්කයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජල මූලාශ්‍ර සහ ජල පෝෂක කඳුකර ප්‍රදේශ ආශ්‍රිත හෙක්ටයාර 1,500ක භූමි ප්‍රමාණයක් ආරක්ෂිත ප්‍රදේශ ලෙස ගැසට් කිරීමට තීරණය කර තිබෙනවා.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (28) පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර, දිස්ත්‍රික්කයේ පරිසර සංරක්ෂණය, තිරසාර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සහ ජල පෝෂක ප්‍රදේශ සුරැකීම මෙහි ප්‍රධාන අරමුණ වනවා.
ඒ අනුව මෙම ප්‍රදේශ කඩිනමින් ගැසට් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරනවා.
එමෙන්ම නුවරඑළිය සංචාරක කලාපයේ හෝටල් සහ ව්‍යාපාරික ස්ථාන සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාදීම නිසි ක්‍රමවේදයකට අනුව කඩිනම් කිරීමටත්, අපජලය විධිමත්ව බැහැර කිරීම සහතික කරමින් ජල මූලාශ්‍ර දූෂණය වැළැක්වීම සඳහා අඛණ්ඩ පරීක්ෂණ පැවැත්වීමටත් මෙහිදී උපදෙස් ලබා දී ඇත.
පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සූරවීරආච්චි, නුවරඑළිය නගරාධිපති ඇතුළු මහජන නියෝජිතයින් සහ පරිසර අමාත්‍යාංශ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම හමුවට එක්ව සිටියා.
ජල පෝෂක ප්‍රදේශ සුරැකීම තුළින් නායයෑම් ඇතුළු ස්වාභාවික ආපදා සහ නීතිවිරෝධී වන විනාශයන් වැළැක්වීම සහතික කරන අතරම, නුවරඑළියේ පාරිසරික අනන්‍යතාව රැකගනිමින් පරිසර හිතකාමී සංවර්ධන සැලසුම් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළා.







Leave a Reply