Loading...

රුසියාවේ ප්‍රහාරයෙන් මියගිය ගණන 137 දක්වා ඉහළට

පුද්ගලයින් 137 දෙනෙකුට මරු කැඳවමින් රුසියාවේ රඟහලකට එල්ලවූ ප්‍රහාරය හේතුවෙන් අද (24) දිනය තුළ රුසියාවට ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අනුව රුසියාව පුරා සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැමිණි පුද්ගලයින් මියගිය පිරිස සිහිකර උපහාර දැක්වීමට කටයුතු කරනු ලැබුවා.

ඊයේ (23) රුසියාවේ මොස්කව් නුවර ආසන්නයේ පිහිටි ක්‍රෝකස් පැවැති සංගීත ප්‍රසංගයක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයෙන් මේ වන විට පුද්ගලයින් 137 දෙනෙකුට දිවි අහිමි වී ඇති අතර ප්‍රහාරයෙන් පුද්ගලයින් 140ක් තුවාල ලබා තිබෙනවා.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේ රඟහල තුළ 6200කට අධික පිරිසක් සිට ඇති බවයි වාර්තා වන්නේ.

දශක දෙකකට අනතුරුව රුසියාවෙන් වාර්තා වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙස මෙය සැලකෙන අතර ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍යය භාර ගනු ලැබුවා.

මේ වන විට ප්‍රහාරකයින් වෙඩි තබමින් නගර ශාලාවට ඇතුළු වී ප්‍රහාරය එල්ල කළ ආකාරය දැක්වෙන වීඩියෝවක් ද IS සංවිධානය පසුව මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.

ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් 11 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර රඟහල තුළ වෙඩි තැබීම සිදුකරන ලද පුද්ගලයින් සිව් දෙනා ඒ අතරට අයත් බව සඳහන්.

මේ අතර තුවාලකරුවන් සඳහා රුධිරය පරිත්‍යාග කිරීමට රුසියානු ජනතාව පෙළගැසී ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සැකකරුවන් යුක්‍රේනය දෙසට පලා යමින් සිටින බවත් වගකිව යුත්තන්ට දැඩි දඬුවම් පමුණු වන බවත්ය.

තවද අද (24) දිනය එරටට ජාතික ශෝක දිනයක් ලෙස ද නම් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *