Loading...

ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් අත්තිකාරම් බදු අය කිරීමට ගත් තීරණය අභියාචනාධිකරණය බලරහිත කරයි

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීමට අදාළව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා ගෙන තිබූ තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රීඩකයින්/ක්‍රීඩිකාවන් පිරිසක් විසින් ඉදිරිපත් කළ පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

කෙසේවෙතත්, මෙම කරුණ සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා විසින් ඉදිරියේදී ගනු ලබන තීරණවලට අගතියක් නොවන පරිදි මෙම නියෝගය නිකුත් කරන බවද විනිසුරු මඩුල්ල වැඩිදුරටත් සඳහන් කර ඇත.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *