Loading...

පාරින්ද රණසිංහට ව්‍යවස්ථා දායක සභාවේ අනුමැතිය

නීතිපතිවරයා ලෙස ඡ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත් කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර තිබෙනවා.

මීට පෙර නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගියදා 26 වනදා අවසන් වීම සමඟ නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතුණා.

ඉන් අනතුරුව එම ධුරයේ වැඩ බැලීම සඳහා රණසිංහ මහතා පත් කරනු ලැබුවා.

පාරින්ද රණසිංහ මහතා මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ.ඒ.පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයෙකු වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *