නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවේ තීන්දුව අද (25) කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එම තීන්දුව අනුව පළමු චෝදනාවට රුපියල් 5,000ක දඩයක් නියම කර ඇති අතර, එම දඩය නොගෙවන්නේ නම් මාසයක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
දෙවැනි චෝදනාවට රුපියල් ලක්ෂයක දඩයක් සහ මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කර ඇති අතර, එම සිරදඬුවම වසර පහකට අත්හිටුවීමටයි මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.
එමෙන්ම තුන්වැනි චෝදනාවට රුපියල් 25,000ක දඩයක් නියම කර ඇති අතර, එම දඩය නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබෙනවා.







Leave a Reply