රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනීතිකව අත්අඩංගුවට ගැනීම හරහා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින්.
විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් පිළිබඳව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දමිතා අබේරත්න මහත්මිය සහ ඇයගේ සැමියා පසුගිය 24 වනදා ඇප මත මුදා හැර තිබුණා.
කෙසේ වෙතත් තමා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ තමා සමඟි ජන බලවේගයෙන් දේශපාලනයට පිවිසීම හේතුවෙන් මෙම අකටයුතුකම් සිදුවීමට හේතු වී ඇති බවයි.
Leave a Reply