දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වාර්තාව අනුව 2024 වසරේ දී එම දෙපාර්තමේන්තුව රැස් කරගෙන ඇති කැසිනෝ බලපත්‍ර ගාස්තුව ඒ වසරේ දී දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කළ ආදායමට වඩා වැඩි වීමක් සිදුව තිබෙනවා.
2024 දී දෙපාර්තමේන්තුව අපේක්ෂා කළ හැකි කැසිනෝ ආදායම වුයේ රුපියල් බිලියන 1ක් වන අතර වසර අවසන් වන විට සත්‍ය වශයෙන් අය කරගෙන ඇති බලපත්‍ර ගාස්තුව බිලියන 5.1ක් ලෙස සඳහන් වනවා.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ එය අපේක්ෂිත ආදායමට වඩා 510%ක් වැඩි වීමක් බවයි.
තවද 2023 වසරේ දී රැස්කර ගත් රුපියල් මිලියන 500ට සාපේක්ෂව එය 920%ක වර්ධනයකි.
අලුතින් කැසිනෝ ව්‍යාපාර රැසකට බලපත්‍ර නිකුත් කිරීම සහ බලපත්‍ර ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් මෙලස ආදායම වැඩිව තිබෙනවා.
ඊට අමතරව නෙළුම් කුලුන පරිශ්‍රයේ ආරම්භ කළ කැසිනෝ ව්‍යාපාරය මෙන්ම 2023 වසරේ අගෝස්තු 2 වනදා ඔෆ් ඩ්‍රීම්ස් (City of Dreams) හි ආරම්භ කළ Melco කැසිනෝ සමාගමද ක්‍රියාත්මක වනවා.
මේ අනුව කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන පෙලේ කැසිනෝ සුදූ සමාගම් 4ක් ක්‍රියාත්මක වන බවද සඳහන්.








Leave a Reply