Loading...

,

හදිසි ගල් අඟුරු මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

හදිසි මිලදී ගැනීම් යටතේ ගල් අඟුරු ටොන් ලක්ෂ 3ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ලංකා ගල් අඟුරු සමාගම ප්‍රකාශ කරන්නේ මේ සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් මිල ගණන් කැඳවා ඇති බවයි.

අවශ්‍යතාවක් ඇති වුවහොත් මිලදී ගැනීම් කඩිනමින් සිදු කිරීම සඳහා මෙලෙස හදිසි මිලදී ගැනීමේ යටතේ ගල් අඟුරු ටොන් ලක්ෂ 3ක් මිලදී ගැනීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගත් බවද බලශක්ති ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙලෙස මෙරටට ගෙන්වූ ගල් අඟුරු නැව්ගත කිරීම බොහොමයක් මුලික තත්ත්ව පරීක්ෂාවෙන් අසමත් වී ඇති අවස්ථාවක බලශක්ති අර්බුදයක් ඇති වීම වැළැක්වීම සඳහා මෙම ක්‍රියා මාර්ගය ගෙන බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *