බස් ගාස්තු 12%කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.
මේ අනුව අවම ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34 දක්වා ඉහළ නැංවෙනු ඇති.
මෙම ගාස්තු ඉහළ දැමීම මෙම මස 6 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
මේ අනුව සාමාන්‍ය සේවා කිලෝමීටර් 100ට අඩු ගමනාන්ත සඳහා 12%කින් බස් ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.
තවද කිලෝමීටර් 100ට හෝ ඊට වැඩි ගමනාන්ත සඳහා 20%කින් බස් ගාස්තු ඉහළ දමා ඇත.
මිට අමතරව සුඛෝපභෝගී සේවා සඳහා කිලෝමීටර් 100ට අඩු ගමනාන්ත සඳහා 12%කින් බස් ගාස්තු ඉහළ නැංවෙන අතර කිලෝමීටර් 100ට වැඩි ගමනාන්ත සඳහා 15%කින් බස් ගාස්තු ඉහළ දමා තිබෙනවා.







Leave a Reply