Loading...

,

BREAKING – කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස රැගත් ගුවන්යානය දිවයිනට ළඟා වෙයි

ඉන්දුනීසියාවේ ජකර්තා හිදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස රැගත් ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වී තිබෙනවා.

පැය කිහිපයක ප්‍රමාදයකින් පසුව අද (30) පස්වරු 3.30ට පමණ ජකර්තා අගනුවරින් පිටත්වූ ගුවන් යානය රාත්‍රී 7.20ට පමණ ගුවන් තොටුපොල වෙත ළඟා වී ඇති බව වාර්තා වනවා.

අප වාර්තාකරු කියා සිටියේ මේ වන විට මේ වන විට කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඉන් පිටත ප්‍රදේශයේත් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවයි.

මේ වන විට මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, පොලිස් මාධ්‍ය ප්‍රකාශක වුඩ්ලර් යන මහත්වරුන් ඇතුළු පොලිස් විශේෂ කාර්යය බළකායේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු උසස් නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *