Loading...

, ,

BREAKING – පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල වෙනස් වෙයි

මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය අනුව ජුලි මසට අදාළව ඉන්ධන මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබෙනවා.

ජුනි මසදී ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුවුයේ නැහැ.

එම මස මැයි මසට අදාළව සංශෝධනය කෙරුණු ඉන්ධන මිල ජුනි මස තුළ පැවැතියා.

මේ අනුව ජුලි මසට අදාළව අද (30) දින ඉන්ධන මිල සංශෝධනය පහත පරිදි සිදු වේ.

රුපියල් 293ක්ව පැවැති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ දමා තිබෙනවා.

එහි නව මිල වන්නේ රුපියල් 305කි.

රුපියල් 274ක්ව පැවැති සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 289කි.

රුපියල් 178කව පැවැති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 185කි.

කෙසේ වෙතත් රුපියල් 341කට ඔක්ටේන් 95 පෙට්‍රල් මිලෙහි සහ රුපියල් 325ක්ව පැවැති සුපර් ඩීසල් මිලෙහි කිසිඳු වෙනසක් සිදුව නැහැ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *