අතුරුගිරිය ටැටූ කලාගාරයක් තුළදී නාඳුනන වෙඩික්කරුවන් අතින් ඝාතනයට ලක්වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් කැරොකේ වසන්තගේ දේහය මහජන ප්‍රදර්ශනය සඳහා තබා නොගන්නා ලෙස බොරැල්ල ප්‍රසිද්ධ පෞද්ගලික මල්ශාලාවකට නැවත වරක් තර්ජනාත්මක ඇමතුමක් ලැබී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙම තර්ජනාත්මක දුරකථන ඇමතුම සමඟ කියවී ඇත්තේ කංජිපාණි ඉම්රාන් ලබාදුන් දැනුම් දීම කැරොකේ වසන්තගේ පවුලේ පුද්ගලයන්ට දැනුම් දුන්නේ ද? යන්න බව අදාළ ආරංචි මාර්ග සඳහන් කරනවා.
පසුගිය 10 වනදා ද එම මල් ශාලාවට ලද තර්ජනාත්මක ඇමතුම පිළිබඳව බොරැල්ල පොලිසියට ලද පැමිණිල්ලක් අනුව බොරැල්ල පොලිසිය අපරාධ විමර්ශන අංශය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙම තර්ජනාත්මක ඇමතුම් සමඟ එම මල්ශාලාවේ ශාඛා කාර්යාල දෙක ආසන්න මාර්ගයේ දැඩි පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය 8 වනදා ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් කැරොකේ වසන්ත ඔහුගේ බිරිඳ මෙන්ම ජනප්‍රිය ගායිකා කේ සුජීවා සහ ඇයගේ සැමියා ඇතුළු කීප දෙනකුටූ ටැටු කලාගාර විවෘත කිරීමට උත්සවයට සහභාගී වී කිරිබත් ආහාරයට ගනිමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ටි 56 ගිනි අවියකින් තබා පලා ගොස් තිබුණා.
Leave a Reply