රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනු කළ පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දුලාර ගුණතිලක සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී ශාන්ත ජයතිලක යන මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනුකර ඇත.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් දුලාර ගුණතිලක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ ද, එම පෙත්සම විභාගය සඳහා විවෘත අධිකරණයේ කැඳවීමක් සිදු නොවූ බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ.
එම ක්‍රියාවලිය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
ඊට අමතරව, මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තෙක්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කථානායකවරයා වෙත දැනුම්දීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.







Leave a Reply