Loading...

අස්වැසුමට තවත් පිරිසක් සුදුසුකම් ලබලා

අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව අස්වැසුම ලබා ගැනීම සඳහා තවත් පවුල් 182140ක් සුදුසුකම් ලබා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ එම සුදුසුකම්ලාභීන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියළු ගෙවීම් අප්‍රේල් මස 18 වනදා වන විට ගිණුම් ගත කිරීමට කටයුතු කරන බවයි.

මේ අනුව දැනට 1,854,000 අස්වැසුම ප්‍රතිලාභ ලබාගන්නා බවත් රුපියල් බිලියන 58.5ක මුදලක් ඒ වෙනුවෙන් රජය වැය කරන බවද ඔහු සඳහන් කළා.

මේ අතර අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සියළු සුදුසුකම් සම්පුර්ණ කළ පවුල් 200000ක් පමණ මෙතෙක් සිය බැංකු ගිණුම් ආරම්භ කර ඊට අදාළ තොරතුරු යාවත්කාලීන කර නොමැති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ සම්බන්ධව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සහ ජනමාධ්‍ය මඟින් දැනුවත් කිරීම සිදුකළ ද මෙතෙක් එම පවුල්වල සාමාජිකයන්ගෙන් ප්‍රතිචාර නොමැති බවද ඒ මහතා ප්‍රකාශ කළා.

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් 400000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති අතර ඉන් 286000ක් පමණ මේ වන විට පද්ධතියට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

මීට අදාළ සංගණන කටයුතු මැයි මසදී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *