Loading...

රාජිතට එරෙහිව කොළඹ මහාධිකරණයේ තවත් නඩුවක් ගොනු වෙයි

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙනවා.

කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීමේදී රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමිනුයි මෙම නඩුව ගොනුකර ඇත්තේ.

ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ අදාළ කටයුතු සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාට එරෙහිව අධි චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *