පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කල්පිටිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා.
මෙම නියෝගය සිදුකර ඇත්තේ කල්පිටිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අයෝනා විමලරත්න මහත්මිය විසිනි.
කල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ කුරුඥම්පිටිය පිහිටි රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වග උත්තරකරු කරමින් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කර ඇති බව සඳහන්.
මීට පෙර අවස්ථාවක වග උත්තරකාර මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනී නොසිටි අතර මන්ත්‍රීවරයා නියෝජනය කරමින් නීතිඥයෙකු හෝ අධිකරණයේ පෙනී සනොසිටි බවයි වාර්තා වන්නේ.
රාජ්‍ය නොවන සංවිධානයකට අයත් ගොඩනැගිල්ලක්ට සාපරාධී ලෙස ඇතුලුවීම, දේපල අනර්තය යන චෝදනා කල්පිටිය පොලිසිය විසින් වග උත්තරකාර මන්ත්‍රීවරයාට එරෙහිව ගොනු කළ චෝදනාවල සඳහන්ව තිබෙනවා.








Leave a Reply