යාපනය දිස්ත්‍රික්කයේ වායු ගුණාත්මක දර්ශකයේ අගය 200 සීමාව ඉක්මවා ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කරනවා.
අද (19) උදෑසන නිකුත් කළ නවතම වාර්තාවට අනුව දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමට ළඟා වී ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව අද උදෑසන 7.05 වන විට බත්තරමුල්ලෙන් 179ක්, හලාවතින් 165ක්, කිලිනොච්චියෙන් 158ක්, අනුරාධපුරයෙන් 158ක් සහ ත්‍රිකුණාමලයෙන් 151ක් ලෙස ඉහළ අගයන් වාර්තා වී තිබෙනවා.
මෙම ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමක පවතින බැවින් ජනතාවට සෞඛ්‍යමය බලපෑම් ඇති වීමේ අවදානමක් පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙනවා.
ඒ හේතුවෙන් අදාළ ප්‍රදේශවල ස්වසන රෝග සහ අසාත්මිකතා ඇති පුද්ගලයින් KN 95 වර්ගයේ මුඛ ආවරණ පැළඳිය යුතු බවට සෞඛ්‍ය නිර්දේශ නිකුත් කර ඇති අතර, හැකිතාක් එළිමහනේ රැඳී සිටීමෙන් වළකින ලෙස ද දැනුම් දී තිබෙනවා.







Leave a Reply