බණ්ඩාරගම, වෙන්දේසිවත්ත, මස්විල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18යි ග්‍රෑම් 672ක් සමඟ 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හොරණ පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (18) ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.







Leave a Reply