සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය මේ වන විට තැන්පත් කර ඇති කොළඹ බොරැල්ලේ මල් ශාලාවට තමා කංජිපානි ඉම්රාන් බව අඟවමින් ඊයේ (10) රාත්‍රී 11.30ට පුද්ගලයෙකු දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.
පොලීසිය පවසන්නේ මෙහිදී ක්ලබ් වසන්තගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා එම මල්ශාලාවේ තැන්පත් නොකරන ලෙස එම පුද්ගලයා තර්ජනය කර ඇති බවයි.
එලෙස කළහොත් මෘත ශරීරය මෙන්ම මල් ශාලාවට ද වෙඩි තබන බව අදාළ පුද්ගලයා තර්ජනය කර ඇති බවද වාර්තා වනවා.
මේ අනුව මල්ශාලාවේ කළමනාකරු ඊයේ (11) පෙරවරුවේ සිද්ධිය සම්බන්ධ බොරැල්ල පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
බොරැල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශය මගින් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මුලික විමර්ශනවලදී හෙළිව ඇත්තේ විදෙස් රටකින් අදාළ දුරකථන ඇමතුම ලැබී ඇති බවයි.
අනතුරුව එම මල් ශාලාවේ ආරක්ෂාවට පොලීසිය යොදවා ඇති බවද වාර්තා වනවා.
ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ලබන සෙනසුරාදා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.
Leave a Reply