Loading...

රුසියාවේ අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක් – පුද්ගලයින් 60ක් මරුට

රුසියාවේ මොස්කව් නගරයේ නාට්‍ය ශාලාවක සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 60 දෙනෙක් පමණ මියගොස් ඇති බව වාර්තා වනවා.

ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ ප්‍රහාරයෙන් පුද්ගලයින් 160 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ දී එම නාට්‍ය ශාලාවේ නර්තන තරඟාවලියක් පැවැත්වෙමින් තිබු බව සඳහන් වනවා.

කැලෑ සටන් ඇඳුම් ඇඳගත් සන්නද්ධ පුද්ගලයින් තිදෙනෙක් වෙඩි තබමින් එම ශාලාවට ඇතුළත් වන අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතිනවා.

මේ අතර රුසියාවේ මොස්කව් නගරයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ISIS කණ්ඩායම භාර ගෙන තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *