අනුරාධපුර නගරයේ බාබර් සාප්පුවක් තුළදී 14 හැවිරිදි පාසල් දැරියක් වරින් වර අපහරණය කිරීමේ සිද්ධියක් සම්බන්දහව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එම කාර්යාංශය සඳහන් කළේ සිදුවීමට සැකපිට එම බාබර් සාප්පුවේ කරණවෑමියා සහ තවත් පුද්ගලයෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔවුන් දෙදෙනා අද (18) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසුරිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 28 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.
පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ මෙහෙයුමේදී සිද්ධියට මුහුණ දුන් දැරිය පොලිස් භාරයට ගෙන සිදුකළ ප්‍රශ්ණ කිරීම්වලදී මෙම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.
එහිදී දැරිය පොලිස් නිලධාරීන් වෙත ප්‍රකාශ කර ඇත්තේ බාබර් සාප්පුව පසුපස ඇති කාමරයක් තුළදී ඇයට මෙම අපරාධය සිදුව ඇති බවයි.
තවද අදාළ සැකකරුවන් දෙදෙනාට අමතරව තවත් සැකකරුවන් 11 දෙනෙකුගේ නම් දැරිය විසින් පොලීසියට අනාවරණය කර තිබෙනවා.
එම සැකකරුවන් අතර උසස් පොලිස් නිලධාරිනියකගේ 70 හැවිරිදි වියේ පසුවන පියෙකු ද සිටින බවට තොරතුරු වාර්තා වනවා.
මේ වන විට අනෙක් සැකකරුවන් 11 දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මේ විට විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
09 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරණ මෙම දැරිය ජාතික මට්ටමේ විවිධ ක්‍රීඩා තරග සඳහා සහභාගී වී ඒවායින් ජයග්‍රහණ හිමිකරගෙන ඇති අති දක්ෂ දැරියක් බවට තොරතුරු සඳහන් වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Leave a Reply