Loading...

දකුණේ දේශපාලකයෙක් කොරියානු රැකියා සිහින පෙන්වා කෝටි 3ක් ගරාගෙන

දකුණු පළාතේ ප්‍රබල දේශපාලනඥයකු තරඟ විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසමින් තරුණයන් 500කගෙන් රුපියල් කෝටි 2 1/2 ආසන්න මුදලක් ලබාගෙන තිබුණත් මේ දක්වා රැකියා සඳහා කිසිවෙක් එරටට යව නොමැති බව තරුණයෝ පිරිසක් චෝදනා කරනවා.

රජය හරහා විභාගයකින් තොරව කොරියාවේ රැකියා දෙන බව පැවසු මෙම දේශපාලනඥයා එක් තරුණයෙකුගෙන් රුපියල් 40000 බැඟින් තරුණයන් 500කාගෙන් මෙලෙස මුදල් ගෙන ඇති බව වාර්තා වනවා.

තවද රුපියල් 1500 බැගින් අයකර පුහුණුවක් ද එම තරුණයන්ට ලබාදී තිබෙනවා.

මෙම තරුණ කණ්ඩායම පවසන්නේ කොළඹ මාකොළ ප්‍රදේශයේ දින 6ක් පැවැති පුහුණුවකටද තරුණයන් 60 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් සහභාගී කරවූ බවයි.

විභාගයකින් තොරව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා කඩිනමින් ලබාදෙන බවත් දිස්ත්‍රික්කයට රැකියා 50ක් ලැබී ඇති බවත් මෙම දේශපාලනඥයා පැවසු බවද ඔවුන් සඳහන් කරනවා.

වතුකරයේ තරුණයන් කොරියානු රැකියා සඳහා පිටත් වුවහොත් දළු කැඩීමට බාධා සිදුවන හෙයින් වතුකරයට ලැබෙන රැකියා තිස්සමහාරාමයට ලබා ගැනීමට කටයුතු කළ බව දේශපාලනඥයා තරුණයන්ට පවසා ඇති බව වාර්තා වනවා.

පුහුණුවට ගිය සෑම තරුණයෙකුම පොලිස් වාර්තාව ඇතුළු ලියකියවිලි මෙම දේශපාලනඥයාට භාර දී මාස දෙකක් ගත වුවත් මේ දක්වා එක් තරුණයෙකු කොරියානු රැකියාව සඳහා යවා නොමැති බැවින් වියදම් වූ මුදල් ලබා ගැනීමේ අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇති බවයි තරුණයන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තොරතුරු මුලාශ්‍ර – ලංකාදීප


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *