Loading...

මිලියන ගණනක් නැරඹු සුර්ය ග්‍රහණය

අමෙරිකාව, මෙක්සිකෝවට, කැනඩාවට ඊයේ (08) දිස්වූ පුර්ණ සුර්යග්‍රහණය මිලියන ගණනක ජනතාවක් නරඹා ඇති බව වාර්තා වනවා.

මෙම වසරේ පළමු සුර්ය ග්‍රහණය වන මෙය නාසා ආයතනයේ වෙබ් අඩවිය ඔස්සේ සජීවීව විකාශ කරනු ලැබුවා.

යුරෝපා රටවල් කිහිපයකට ද මෙම සුර්ය ග්‍රහණය දිස්වූයේ අර්ධ සුර්ය ග්‍රහණයක් ලෙසයි.

මෙක්සිකෝවේ මැසල්ටන් වෙරළාශ්‍රීත නගරයට ඉතා පැහැදිලිව සුර්ය ග්‍රහණය දිස් වුයේ මිනිත්තු කිහිපයකට දහවල රැය බවට පත්වුණා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මෙක්සිකෝ ජනාධිපති අන්ද්‍රෝස් ලෝපේස් සූර්යග්‍රහණය නරඹා ඇති බවයි.

නිව්යෝක් සහ අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ වැසියන්ට සුර්ය ග්‍රහණය පැහැදිළිව දිස් වූ බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වුණා.

අමෙරිකානු මෙවැනි පුර්ණ සුර්ය ග්‍රහණයක් දැකගත හැකි වන්නේ 2044 වසරේදීයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *