Loading...

පෙට්‍රල් මිලට ගන්න සිංගප්පුරු සමාගමකට කැබිනට් අනුමැතිය හිමිවෙයි

මාස 6ක කාලයක් සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පෙට්‍රල් තොග මිලදී ගැනීම සඳහා රජයෙන් කැඳවූ ලංසු මඟින් සිංගප්පුරු සමාගමකට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් මෙම යෝජනාව කැබිනට්ටුව වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්.

2024.07.15 සිට 2025.01.14 දින දක්වා මාස 6ක කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත පෙට්‍රල් unl බැරල් මිලියන 1.5කට වැඩි සපයා ගැනීමක් සඳහා එම සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් ලංසු කැඳවනු ලැබුවා.

ස්ථාවර තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත පදනම්ව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් එකී ප්‍රසම්පාදන Aditya Birla Global Trading (Singapore) Pte. Lid.වෙත පිරිනැමීමට නිර්දේශ කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *