කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ පුවක්පිටිය ප්‍රදේශයේ දී අන්තරාදායක ලෙස දුම්රිය මාර්ගයේ බස් රථය ධාවනය කළ රියදුරු ජුනි මස 14 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබෙනවා.
පොලීසිය විසින් සැකකාර රියදුරු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව පොලීසිය විසින් සැකකාර රියදුරුට එරෙහිව චෝදනා රැසක් ගොනු කර ඇති බව සඳහන්.
මෙහිදී ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා වන්නේ මිනී මැරීමට තැත්කිරීම, රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබියදී රිය ධාවනය කිරීම, විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කිරීම, රජයේ දේපොළවලට අලාභ හානි සිදු කිරීම යන්නයි.
අයහපත් කාලගුණික තත්ත්වය සමඟ ඊයේ (02) සැකකාර රියදුරු පුවක්පිටිය ප්‍රදේශයේ දී පෞද්ගලික මඟී ප්‍රවාහන බස් රථයක් දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය කරන අයුරු දැක්වෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.
ඒ සමඟ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකර සැකකාර බස් රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබුණා.
Leave a Reply