ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ අද (26) දිනයේ පෙරවරුන් 8.30 සිට නාම යෝජනා කැඳවීමේ දිනය වන 2024 අගෝස්තු මස 15 වන දිනට පෙර දිනය වන අගෝස්තු මස 14 වනදා මධ්‍යයහන 12 දක්වා ජනාධිපතිවරණ අපේක්ෂකයින් සඳහා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මේ අනුව අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාම යෝජනා කරනු ලබන අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 50000ක මුදලක් වනු ඇති.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා වෙනත් යම් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඡන්ද හිමියෙකු විසින් නාම යෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 75000ක මුදලක් ද ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු බවද එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
Leave a Reply