Loading...

ඉන්දුනීසියාවට ප්‍රබල භූකම්පනයක් – දෙදෙනෙකු මරුට

ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේ අද (15) අලුයම සිදුවූ ප්‍රබල භූකම්පනයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කළේ අද අලුයම 3.28ට පමණ රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයෙන් මෙම භූකම්පනය සිදුව ඇති බවයි.

ඉන් අනතුරුව 5.9, 5.6 සහ 6.1ක ප්‍රබලත්වයෙන් පසුකම්පන තුනක්ද වාර්තා වී තිබෙනවා.

භූකම්පනයත් සමඟ ඉන්දුනීසියානු බලධාරීන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළද, පසුව එය ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.

මේ අතර, ඉන්දුනීසියාවට බලපෑ භූකම්පනය හේතුවෙන් නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද නිවේදනයක් නිකුත් කළා.

එහි දැක්වෙන්නේ මෙම භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි බලපෑමක් නොමැති බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ජනතාවට කිසිදු අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *