අභියාචනාධිකරණයේ නව විනිසුරුවරියක ලෙස සජීවනි දිල්කා ලක්මාලි කරුණානායක මෙනෙවිය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (03) නිල වශයෙන් දිවුරුම් දී තිබෙනවා.
ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැති මෙම දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම්වරයා ද සහභාගී වී සිටි බව සඳහන්.
මීට පෙර අතිරේක සොලිසිටර් ජනරාල්වරියක ලෙස කටයුතු කළ ඇය, මෙලෙස පත්කර ඇත්තේ අභියාචනාධිකරණයේ පැවති විනිසුරු පුරප්පාඩුවක් පිරවීම සඳහායි.







Leave a Reply