Loading...

රුසියාවට නව ආරක්ෂක අමාත්‍යවරයෙක්

රුසියාවේ නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හිටපු උප අගමැති ඇන්ද්‍රෙයි බිලෝසොෆ් නම් කර තිබෙනවා.

ඒ 2012 වසරේ සිට රුසියානු ආරක්ෂක අමාත්‍ය ධුරයේ කටයුතු කළ පුටින්ගේ සමීපතමයෙකු වන සර්යෙගි ෂුලෝව් එම ධුරයෙන් ඉවත් කරමින්.

ඔහුගේ ධුර කාලය තුළදී ක්‍රිමියාව රුසියාව ඈඳා ගැනීම, යුක්‍රේන ආක්‍රමණය වැනි ජාතික ආරක්ෂාව පිළිබඳ වැදගත් තීන්දු රැසක් ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් සර්යෙගි ෂුලෝව් ධුරයෙන් ඉවත් කිරීමට නිශ්චිත හේතුවක් මේ දක්වා අනාවරණය වී නැහැ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ඇමති ධුරය සිවිල් පුරවැසියෙකු වෙත ලබාදීමේ අරමුණින් පුටින් මෙම තීරණය ගෙන ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *