Loading...

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන්ගෙන් මිසයිල ප්‍රහාරයක්

භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට හූති කැරලිකරුවන් එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් එම නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ යේමනයේ ඒඩ්න් වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේ දී බාබඩෝස් ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාව ඉලක්ක කරගනිමින් කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

මෙම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙක් සිට තිබෙනවා.

ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් සිව් දෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ නෞකාවේ ආරක්ෂකයින් ලෙස ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් සහ නේපාල ජාතිකයෙක් කටයුතු කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම හූති කැරළිකරුවන් විසින් භාරගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කරන්නේ මේ වන විට නෞකාව ගිනි ගනිමින් පවතින බවයි.

ගාසා තීරයේ පවතින ඊශ්‍රායල – හමාස් යුද ගැටුම්වලදී පලස්තීන ජාතිකයන්ට සහය ලබාදීමේ අරමුණින් මෙම ප්‍රහාරය එල්ල කළ බව හූති කැරලිකරුවන් පේනවා දෙනවා.

කෙසේ වෙතත් වෙළෙඳ නෞකාවකට හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් නෞකාවක කාර්යය මණ්ඩල සාමාජිකයින් මියගිය පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *