Loading...

ලයිසන් ගන්න අලුත් ක්‍රමයක් හඳුන්වා දීමේ තීරණයක්

පාසල් මාර්ග ආරක්ෂක සංසද මඟින් සිසුන් වෙත රිය නිපුණ පදක්කම ලබාදීමෙන් අනතුරුව එම පදක්කම සෑම උසස් පෙළ හදාරන සිසුවෙකුටම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන ලිඛිත විභාගයට සහභාගී නොවී ප්‍රයෝගික පරීක්ෂණයට සහභාගී වී රියදුරු බලපත්‍ර ලබා ගැනීමට අවස්ථාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියා සිටියේ මෙම පාසල් මාර්ග ආරක්ෂක සංසද පිහිටුවීම සහ පදක්කම් ලබාදීමේ වැඩසටහන අද (03) සිට ක්‍රියාත්මක වීමට නියමිත බවයි.

මෙයට ප්‍රාථමික අංශයේ සිසුන්ගේ සිට උසස් පෙළ හදාරන සිසුන් දක්වා සහභාගී වීමේ අවස්ථාවද හිමිව තිබෙනවා.

තවද මෙම සංසද මඟින් ජනාධිපති පදක්කම දක්වා කටයුතු කරන සිසුන්ට විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබීමේ දී විශ්ව විද්‍යාල වෙත තේරී පත්වනු ලබන අනෙක් සිසුන්ට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාදීමේ ක්‍රමවේදයක් ද සැකසීමට ද නියමිතව තිබෙනවා.

පදක්කම් ලබාදීමේ ක්‍රමවේදය පාසල් ආචාර්ය මණ්ඩලයේ මෙන්ම කොට්ඨාස මට්ටමේ නිලධාරීන් අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතයි.

මීට අදාළ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නිකුත් කිරීමට නියමිත බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *