රාජ්‍ය විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතාව ඉවත් කිරීම හා දීමනා සම්බන්ධව ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටියේ අමාත්‍ය මණ්ඩල සංදේශ දෙක එම අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කරන බවයි.
මේ අනුව ලබන මස 08 වනදා විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධව ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ලබාදීමට නියමිතව බව සඳහන්.
මේ අතර සියළු විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට අවතීරණවීමට තීරණය කර තිබෙනවා.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා කියා සිටියේ ලබන මැයි මස දෙවන වනදා දහවල් 12 සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.








Leave a Reply