ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්රීවරුන්ට එරෙහිව ‘දිනන දකුණ’ සංවිධානය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ මන්ත්රීවරුන් සිය ධුරයට හිමි වරප්රසාද සහ දීමනා මහජන යහපත උදෙසා නොයොදවා, ජනතා විමුක්ති පෙරමුණේ බැංකු ගිණුමට තැන්පත් කිරීම මඟින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ මේ පිළිබඳ කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් අද (02) උදෑසන මෙම පැමිණිල්ල භාරදී තිබෙනවා.
කාරණා පහක් මුලික කරගනිමින් ඉදිරිපත් කළ මෙම පැමිණිල්ල මඟින් ඔවුන් ඉල්ලා සිටින්නේ ජාතික ජන බලවේගයේ මන්ත්රීවරුන් 159 දෙනාම කැඳවා ප්රකාශ සටහන් කරගන්නා ලෙසත්, අදාළ පක්ෂයේ බැංකු ගිණුම් පරීක්ෂාවට ලක්කරන ලෙසත්ය.






Leave a Reply