ව්‍යාපාරිකයෙක් විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් සහ මුදල් මණ්ඩලයෙන් රුපියල් ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා එන්නතර වාසියක් යවා තිබෙනවා.
සිය එන්නතර වාසියේදී ඔහු සඳහන් කරන්නේ 2019 සිට 2022 අතර කාලයේ ආර්ථිකය නොමනා ලෙස කළමනාකරණය කිරීමේ හේතුවෙන් සිය ව්‍යාපාරික කටයුතු සඳහා එය ඉතා අහිතකර ලෙස බලපෑ බවයි.
මීට අදාළ වන්දි මුදල සති දෙකක් තුළදී ලබා නොදෙන්නේ නම් වන්දි ලබා ගැනීම සඳහා නඩු මගට යන බවයි එම ව්‍යාපාරිකයා සඳහන් කරන්නේ.
කාලිංග සිල්වා නැමැති ව්‍යාපාරිකයෙක් මෙම නඩු පැවරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
ආනයනයට අදාළ ව්‍යාපාරයට නිරතව සිට ඇති ඔහුගේ ව්‍යාපාර කටයුතු, රුපියල අවප්‍රමාණ වීම, ආනයන තහනම් කිරීම සහ දිනපතා සිදුවූ විදුලි කප්පාදුව හේතුවෙන් බිඳ වැටුණු බවද මෙම ව්‍යාපාරිකයා පෙන්වා දී තිබෙනවා.
ඔහු සිය එන්තරවාසියේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ සඳහා පෙර සඳහන් කළ පාර්ශවය වගකිව යුතු බවට පවසන එම ව්‍යාපාරිකයා රට බංකොලොත් කිරීම සම්බන්ධව ඉහත කණ්ඩායම වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීන්දු කර තිබෙන බවයි.
තොරතුරු මුලාශ්‍ර – Headline News
Leave a Reply