පාකිස්ථානයේ දී චීන ජාතිකයන් ඉලක්ක කර එල්ල කළ මරාගෙන ප්‍රහාරය පිළිබඳව පුර්ණ පරීක්ෂණයක් අවශ්‍යය බව චීනය පවසනවා.
ඊයේ (26) සිදුවූ මෙම මරාගෙන ප්‍රහාරයෙන් පුද්ගලයන් 6 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබුණා.
පාකිස්ථාන වයඹ දිග ප්‍රදේශයේ වේල්ලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක සේවය කරමින් සිටි ඉංජිනේරුවරුන් පිරිසක් ගමන් කරමින් සිටි රථ පෙළක් එල්ල කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී තිබු බවයි වාර්තා වන්නේ.
අධිබලැති පුපුරණ ද්‍රව්‍ය පිරවූ රථයක් චීන ජාතිකයන් ගමන් කළ රථ පෙළේ හැප්පීමට සලස්වා මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
සතියක කාලයක් තුළදී පකිස්ථානයේ පිහිටි චීන සම්බන්ධතා සහිත ස්ථානවලට එල්ල වූ තෙවැනි ප්‍රහාරය ලෙස මෙය සැලකෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ චීන ජාතිකයින් ගමන් ගත් වාහනයේ රියැදුරා පාකිස්ථාන ජාතියෙකු බවත් ඔහු තුවාල ලබා රෝහල් ගත කර සිටියදී මියගොස් ඇති බවත්ය.
පාකිස්ථානයේ චීන තානාපති කාර්යාලය මෙම ප්‍රහාරය දැඩිව හෙළා දැක තිබෙනවා.
ඔවුන් පාකිස්ථාන රජයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අපරාධකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන ලෙසයි.
Leave a Reply