2025 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලිය අද (19) ආරම්භ වනවා.
පාකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් මෙම තරඟාවලිය පැවැත්වෙනවා.
ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලිය මෙවර පැවැත්වෙන්නේ 9 වන වරටයි.
තරඟාවලිය කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.
මේ අතර මෙවර තරඟාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගී වන තරඟ සියල්ල එක්සත් අරාබි එමීර් හි සත්කාරකත්වයෙන් පැවැත්වෙනවා.
තරඟාවලිය ආරම්භ කරමින් සත්කාරක පාකිස්ථානය සහ නවසීලන්තය අතර පැවැත්වෙන අතර එම තරඟය මෙරට වේලාවෙන් අද (19) පස්වරු 2.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.








Leave a Reply