Loading...

,

ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි

2023-25 ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (05) සමත් වුණා.

ඒ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහිව අවසන් වූ පස්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් කඩුලු 6ක් ජය ගැනීම සමඟයි.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමු පන්දුවට පහර දීමට තීරණය කළා.

එහිදී ඉන්දියාව පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 185ක් රැස්කළ අතර ඕස්ට්‍රේලියාව ඊට පිළිතුරු ලෙස සියලු දෙනා දැවී 181ක් පමණ රැස් කිරීමට සමත් වුණා.

ඉන්පසුව ඉන්දීය කාණ්ඩයම සිය දෙවන ඉනිම ආරම්භ කළ අතර එහිදී සියලු දෙනා දැවී ඔවුන්ට ලබාගත හැකි වුයේ ලකුණු 157කි.

මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවට ලකුණු 162ක පහසු ඉලක්කයක් හිමි වූ අතර එම ඉලක්කය කඩුලු 4ක් දැවී පහසුවෙන් හඹා යාමට ඔවුන් සමත් වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *