Loading...

පළමු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කර පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (21) රාත්‍රීයේ සමත් වුණා.

පල්ලෙකැලේ දී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම තම ඉනිමේ පන්දුවාර 38යි පන්දු 3කදී කඩුලු 4ක් දැවී ලකුණු 185ක් රැස්කරගෙන සිටි අවස්ථාවේ දී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

පැය දෙකකට අධික කාලයක් වර්ෂාව ඇඳහැලීම හේතුවෙන් තරඟයේ පන්දුවාර ගණන අඩුකර ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීමේ අවස්ථාව හිමි වුණා.

මේ අනුව තරඟයේ විනිසුරුවන් තීරණයේ ඩක්වත් ලුවිස් ක්‍රමවේදයට අනුව ශ්‍රී ලංකා කණ්ඩයම පන්දුවාර 37කදී ලකුණු 232ක ඉලක්කයක් හිමි වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම එම ඉලක්කය තරඟයේ පන්දුවාර 31යි පන්දු 5කදී කඩුලු 5ක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට හැකි වුණා.

කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ නායක චරිත් අසලංක ලකුණු 77ක් ලබාගත් අතර තම මංගල එක්දින ජාත්‍යන්තර තරඟයට ක්‍රීඩා කළ නිශාන් මධුෂ්ක ලකුණු 69ක් ලබා ගනු ලැබුවා.

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 45කට කඩුලු 3ක් බිඳ වැටී තිබු මොහොතක පිටියේ සිටි චරිත් අසලංක සහ නිශාන් මදුෂ්ක පස්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 109කින් ලකුණු 137ක් සබඳතාවක් ගොඩ නැගුවා.

මෙම ජයග්‍රහණය සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 1- 0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගැනීමට සමත් වුණා.

තරගයේ වීරයා ලෙස චරිත් අසංලක සම්මාන දිනාගත්තා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *