මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහල ගොස් තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශ හා අතු ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් තිබීම හේතුවෙන් අතු ගංගා හරහා ගමන් කිරීම, දියනෑම අවදානම් වියහැකි බවයි.
මේ අතර ගිං ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ යන ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.
තවදුරටත් වැසි ඇද හැලුනොත් එම ගංගාවල ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ යෑමේ අවදානමක් පවතිනවා.








Leave a Reply