Loading...

අයහපත් කාලගුණය හේතුවෙන් යාපනය – චෙන්නායි ගුවන් ගමන් ගැන ගත් තීන්දුව

යාපනය සහ චෙන්නායි අතර අද (19) දින ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.

වායු ගුණාත්මක අගය පහළ යාම සහ ගුවන් ගමන් සඳහා අවශ්‍ය දෘශ්‍යතාව පවත්වා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

යානා ගුවන්ගත කිරීමේදී සහ ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමේදී ගැටලුකාරී තත්ත්වයක් මතු වූ බැවින් මෙලෙස ගුවන් ගමන් අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර යාපනයේ වායු ගුණාත්මකභාවය පිළිබඳ දර්ශකයේ අගය 200 ඉක්මවා සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය ද සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *