Loading...

අධිකරණයෙන් සමාව අයැද සිටීමෙන් පසු කස්සප හිමිට ඇප

ත්‍රිකුණාමලය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රයේ කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළ නඩුවට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (17) ඇප මත මුදාහැර තිබෙනවා.

ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත උන්වහන්සේ අද ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණා.

මීට පෙර ලබා දී තිබූ ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම සහ ත්‍රිකුණාමලය අධිකරණයට මෙන්ම අනුරාධපුර විනිසුරුවරයාට අපහාසාත්මක වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම යන වැරදි දෙක සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණය හමුවේ සමාව අයැද සිටියා.

ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය උන්වහන්සේව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *