Loading...

බස් ගාස්තු 12%කින් ඉහළට

බස් ගාස්තු 12%කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව අවම ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34 දක්වා ඉහළ නැංවෙනු ඇති.

මෙම ගාස්තු ඉහළ දැමීම මෙම මස 6 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

මේ අනුව සාමාන්‍ය සේවා කිලෝමීටර් 100ට අඩු ගමනාන්ත සඳහා 12%කින් බස් ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

තවද කිලෝමීටර් 100ට හෝ ඊට වැඩි ගමනාන්ත සඳහා 20%කින් බස් ගාස්තු ඉහළ දමා ඇත.

මිට අමතරව සුඛෝපභෝගී සේවා සඳහා කිලෝමීටර් 100ට අඩු ගමනාන්ත සඳහා 12%කින් බස් ගාස්තු ඉහළ නැංවෙන අතර කිලෝමීටර් 100ට වැඩි ගමනාන්ත සඳහා 15%කින් බස් ගාස්තු ඉහළ දමා තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *