Loading...

,

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් අලුත් බද්දක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් ආනයනය කරන භාණ්ඩ සඳහා 10% සිට 12.5% දක්වා අතිරේක ආනයන බද්දක් පැනවීමට අමෙරිකානු පරිපාලනය යෝජනා කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම සහ එමඟින් අමෙරිකානු වෙළෙඳ කටයුතුවලට අසාධාරණ බලපෑම් එල්ල වන බව පෙන්වා දෙමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.

මේ අනුව කැනඩාව, මෙක්සිකෝව, පකිස්තානය, බංග්ලාදේශය, මැලේසියාව ඇතුළු රටවල් කිහිපයකින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10ක අතිරේක බද්දක් පැනවීමට යෝජනා කර ඇති බව සඳහන්.

ඊට අමතරව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 45ක් සඳහා 12.5ක අතිරේක බද්දක් පැනවීමට යෝජනා කර ඇත.

අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකාව බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය තහනම් කිරීම සහ එම නීති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බව විමර්ශනයකදී හෙළිව ඇති බවයි.

කෙසේ නමුත් ඇඟලුම් සහ රෙදිපිළි ආනයන සඳහා අඩු බදු අනුපාත යටතේ යම් ප්‍රමාණයක් අමෙරිකානු වෙළෙඳපොළට ඇතුළත් කිරීමට ඉඩ සලසන විශේෂ යාන්ත්‍රණයක් ද යෝජනා කර තිබෙනවා.

ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු මේ දක්වා ප්‍රකාශයට පත් කර නැහැ.

මෙම යෝජනාව පිළිබඳව මහජන අදහස් ජුලි 6 වනදා දක්වා භාර ගන්නා අතර ජූලි 7 වැනිදා ඒ පිළිබඳ මහජන විභාගයක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *