පිල්ලෙයාන්ගේ හිටපු ලේකම්වරයෙකු වන අසාද් මවුලානාගෙන් ප්රකාශයක් ලබා ගැනීම සම්බන්ධව මහේස්ත්රාත් අධිකරණය ප්රශ්න කර තිබෙනවා.
පසුගිය 22 වනදා මෙම නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී මෙම ප්රශ්න කර තිබීම ඇති බව සඳහන්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අසාත් මවුලානා නමැත්තාගේ ප්රකාශයක් ලබාගන්නා ලෙස ඉකුත් නඩු දිනයේ අධිකරණය නියෝගයක් නිකුත් කළ අතර ඒ සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර වල ප්රගතිය කෙසේ දැයි මෙහිදී මහේස්ත්රාත්වරයා ප්රශ්නයක් මතු කරමින් විමසා සිටියා.
මෙම පුද්ගලයා මේ වන විට ප්රංශයේ වාසය කරන බව මහේස්ත්රාත්වරයාට පිළිතුරු දක්වමින් අතිරේක සොලිසිටර් ජනරල් දිලීප පීරිස් සඳහන් කර තිබෙනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ ඔහු ශ්රී ලංකා තානාපති කාර්යාලට කැඳවා සූම් ඔස්සේ ප්රකාශ ලබාගැනීමට උත්සහ කරමින් සිටින බවයි.








Leave a Reply