Loading...

,

මැදපෙරදිග යුද්ධය අතරතුර චීනය ඉන්ධන අපනයන තාවකාලිකව නවතා දමයි

මැදපෙරදිග ප්‍රදේශයේ පවතින යුද්ධය හේතුවෙන් ලෝකයේ බලශක්ති සැපයුමට බලපෑම් ඇතිවිය හැකි බවට ඇති අවදානම සැලකිල්ලට ගෙන චීනයේ විශාලතම තෙල් සමාගම්වලට ඩීසල් සහ පෙට්‍රල් අපනයනය තාවකාලිකව නවතා දමන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

Bloomberg News වාර්තාවක මේ බව සඳහන් වනවා.

එම වාර්තාවේ හෙළි නොකළ ආරංචි මාර්ග උපුටා දක්වමින් පවසන්නේ චීන රජයේ ප්‍රධාන ආර්ථික සැලසුම් ආයතනය වන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම නිලධාරීන් සහ තෙල් සමාගම් නියෝජිතයින් සමඟ සිදුවූ හමුවකදී මේ බව ප්‍රකාශ කර ඇති බවයි.

අදාළ උපදෙස් අනුව,

නව ඉන්ධන අපනයන ගිවිසුම් අත්සන් කිරීම නැවත්වීම

දැනට එකඟ වී ඇති අපනයන ගිවිසුම් අවලංගු කිරීමට සාකච්ඡා කිරීම යන දේවල් සමාගම්වලට දැනුම් දී ඇති බව සඳහන් වනවා.

මේ අතර චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී එහි ප්‍රකාශකයෙක්ගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.

එහිදී එම ප්‍රකාශකයා පවසා ඇත්තේ එවැනි අපනයන නවතා දැමීමක් ගැන තමන් දැනුවත් නොමැති බවයි.

චීනයේ ප්‍රධාන තෙල් සමාගම් වන PetroChina, Sinopec, CNOOC, Sinochem Group සහ Zhejiang Petrochemical යන පුද්ගලික සමාගම් රජයෙන් ලබාදෙන අපනයන කොටස් යටතේ ඉන්ධන අපනයන කරන බව වාර්තා වනවා.

කෙසේ වෙතත් එම සමාගම් බොහොමයක් මෙම වාර්තාව පිළිබඳව ප්‍රකාශයක් කිරීමට තවමත් ප්‍රතිචාර දක්වා නැහැ.

මේ අතර ජපානයේ තෙල් සමාගමක් ද දේශීය අවශ්‍යතා ප්‍රමුඛ කරමින් පෙට්‍රල් සහ ජෙට් ඉන්ධන, ඩීසල් අපනයන කිහිපයක් අවලංගු කර තිබෙනවා.

තවද තායිලන්තය ද ඉන්ධන අපනයන නවතා දැමීමට තීරණය කර ඇති බව සඳහන්.

Kpler විශ්ලේෂණ ආයතනය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ චීනය මැදපෙරදිග ප්‍රදේශයෙන් විශාල වශයෙන් තෙල් ආනයනය කරන රටක් වන අතර 2025 වසරේ චීනයට ආනයනය කළ තෙල්වලින් 57%ක්ම මැදපෙරදිගින් පැමිණ ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *