Loading...

IPL තරඟාවලිය තාවකාලිකව අත්හිටුවයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය තාවකාලිකව අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඉන්දියාව සහ පාකිස්තානය අතර මේ වන විට ඇතිව තිබෙන යුද ගැටුම් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ සම්බන්ධව මෙතෙක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

කෙසේ වෙතත් මේ පිළිබඳව අද (09) දිනයේ දී නිල නිවේදනයක් සංවිධායකයින් විසින් නිකුත් කරනු ඇති.

පංජාබ් කිංග්ස් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර ඊයේ (08) පැවැති තරඟාවලියේ 58 වන තරඟය ද අතරමඟදී අත්හැර දැමීමට සංවිධායකයින් තීරණය කළ පසුබිමක මෙලෙස සම්පුර්ණ තරඟාවලියම තාවකාලිකව නතර කිරීමට මේ වන විට තීරණය කර තිබීම විශේෂත්වයක්.

එම තරඟයෙන් අනතුරුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් හා කාර්යය මණ්ඩල සාමාජිකයින් විශේෂ දුම්රියක් මඟින් දිල්ලි නුවර බලා අද (09) පෙරවරු කාලයේ දී පැමිණියා.

ඒ ධර්ම්සාලා හා ඒ අවට ගුවන් තොටුපොලවල් වසා දමා තිබීම හේතුවෙන්.

මේ වන විට තරඟාවලිය යටතේ තරඟ 58ක් පමණක් පවත්වා ඇති අතර තරඟාවලියේ තරඟ 16ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඉතිරි තරඟ 08 එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ගෙන යාමට තීරණය කර තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇත්තේ ඉන්දු පාකිස්තාන ගැටුම් උත්සන්න වීම සමඟයි.

ඊයේ (08) කරච්චි කින්ග්ස් සහ පේෂාවර් සල්මි කණ්ඩායම් අතර තරඟය ද කල් දැමීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට සිදු වුණා.

ඒ තරඟය පැවැත්වීමට නියමිතව තිබූ එම ක්‍රීඩාංගණය තුළට ඩ්‍රෝන යානාවක් කඩා වැටීම හේතුවෙන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *