මේ දිනවල ක්‍රියාත්මක පාකිස්තාන සුපර් ලීගයේ (PSL) ඉතිරි තරඟ සියල්ල ඉන්දියාව තුළ විකාශය අත්හිටුවා තිබෙනවා.
කාශ්මීරයේ දී සංචාරකයින් ඉලක්ක කරගනිමින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයට පාකිස්තානයට සෘජුවේම චෝදනා කරන ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ක්‍රියාමාර්ග රැසක් මේ වන විට ගනිමින් සිටිනවා.
එහි තවත් දිගුවක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
පාකිස්තානයේ ප්‍රමුඛතම විස්සයි20 ලීගය වන මෙම තරගාවලියේ මේ දක්වා පැවැති සියලු තරඟ විකාශ කර තිබුණා.
කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශයට අයත් පහල්ගම් හිදී පසුගිය 22 වනදා සිදුවූ දරුණු ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දියානුවන් 26 දෙනෙක් ඝාතනය කර තවත් 10 දෙනෙක්ට තුවාල සිදු වුණා.
ඉන්දියාව චෝදනා කරන්නේ මෙම ප්‍රහාරය පාකිස්තානයේ අනුදැනුම ඇතිව සිදු වූ බවයි.








Leave a Reply