Loading...

ජුලි මසදී 8400 කට රජයෙන් ස්ථිර පත්වීම්

පළාත් පාලන ආයතනවල තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

අමාත්‍ය මණ්ඩල මෙම සංදේශය ඉදිරිපත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.

ඒ අනුව දිවයින පුරා ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභාවල සේවය කරනු ලබන තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින 8435 දෙනෙකුට ස්ථිර පත්වීම ලැබෙනු ඇති.

අදාළ පත්වීම් ලිපි කඩිනමින් ලබාදීම සඳහා විශේෂ සාකච්ඡාවක් අග්‍රාමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වුණා.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජුලි මස තුළදී මෙම සියළු පත්වීම් ලිපි ලබාදීමට නියමිත බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *