Loading...

ඩොලර් බිලියනයක් නීතිවිරෝධීව පිටකිරීමේ සිද්ධියට බැංකු කළමනාකරුවන් 4ක් අත්අඩංගුවට

අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස විදෙස් රටවලට යැවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති අතර, ඔවුන් සේවය කළ බැංකු පරිශ්‍ර තුළදීම අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි සිද්ධියකට අදාළව බැංකු කළමනාකරුවන් අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකාවේ සිදුවූ පළමු අවස්ථාව බව පොලිසිය සඳහන් කර තිබෙනවා.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ මුදල් ජාවාරම මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයා විසින් බැංකු කළමනාකරුවන්ට සතිපතා මුදල් ලබාදී ඇති බවයි.

ඒ අනුව, එක් එක් නිලධාරියාට සතියකට රුපියල් 30,000, රුපියල් 50,000 සහ රුපියල් ලක්ෂයක පමණ මුදල් අවස්ථා කිහිපයකදී ලබාදී ඇති බව සඳහන්.

එමෙන්ම අත්අඩංගුවට ගත් කළමනාකරුවන් සිව්දෙනාගෙන් එක් අයෙකුට එක් අවස්ථාවකදී රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් ලබාදී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *