ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පසුගිය 12 වැනිදා පැවති සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝ පටිගත කිරීම් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය කළ ඉල්ලීමට ජනාධිපති කාර්යාලය ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා මහතාගේ අත්සනින් නිකුත් කළ ලිපියකින් මේ බව දැනුම් දී ඇති බව සඳහන්.
එහි දැක්වෙන්නේ නීතිඥ සංගමයේ සභාපතිවරයා සිදුකළ නිල ප්‍රකාශවලට අදාළ සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන පසුගිය 12 වැනිදාම එම සංගමය වෙත ලබාදී ඇති බවයි.
සාකච්ඡාවට සහභාගී වූ අනෙකුත් පාර්ශ්වයන්ගේ අදහස් දැක්වීම් ඇතුළත් වීඩියෝ පටිගත කිරීම්ද අදාළ නිල ක්‍රියාපටිපාටීන්ට අනුව ඉදිරියේදී හැකි ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබෙනවා.
එම වීඩියෝ දර්ශන විධිමත්ව සහ නිසි පරිදි ලබාදීම සඳහා ජනාධිපති කාර්යාලයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවද අදාළ ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.








Leave a Reply